මෙරට චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
04 September 2026
මෙරට චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
04 September 2026
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන, ජ්‍යෙෂ්ඨ කර්නල් එෆ්යූ ෂිආඕ සහ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර හමුවක් අද (04) පවත්වා තිබේ.
ඒ, නාවික හමුදා මූලස්ථානයේදීය.
එම හමුවේදී ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින්, හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය ශුභාශිංසන එක්කළාය.
ඉන් අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත වූ බව සඳහන්ය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

