නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර
12 July 2026
නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර
12 July 2026
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබදව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීමට ද සිසුන් දැනුම්වත් කරන ලෙස අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ

