brand logo
රාජ්‍ය සේවකයින්ගේ වැටුප ගැන විශේෂ පණිවුඩයක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ගැන විශේෂ පණිවුඩයක්

2 months ago

Share on

සියලු රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප අද (25) දිනයේ ලබා දී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


අමාත්‍යවරයා සදහන් කළේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු සේවකයින්ට අද දිනයේ වැටුප් ලබා දෙන බවයි.


පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනවාරි මස වැටුප් ගෙවිම ප්‍රමාදවනු ඇති බවට පසුගියදා ප්‍රකාශ කර තිබුණි.


කෙසේ වෙතත් පසුගිය 23 වනදා වන විට වැටුප් ගෙවිම සඳහා මාසිකව වැයවන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක මුදලක් ගෙවා ඇති බව ද රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.


මේ වන තෙක් වැටුප් හිමි නොවූ සියලු රාජ්‍ය සේවකයින්ට ජනවාරි මස වැටුප අද දිනයේ ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


You may also like