brand logo
logo
හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් වැසියෙකුට මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් වැසියෙකුට මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත සිරදඬුවම්

31 July 2026

ආරවුලක් අතරතුර මුදල් කොල්ලකෑමේ සිදුවීමකට වරදකරුවන් වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. 


දීර්ඝ ලෙස පැවැති නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.


මෙම සිදුවීම වාර්තා වන්නේ 2008 වසරේදී දෙහිවල ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී ඇති වූ ආරවුලක් මුල් කරගනිමිනි. 


එම ආරවුල දුරදිග යාමෙන් පසුව සිදු වූ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ අදාළ සිවිල් පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.


ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමෙන් පසු අදාළ චෝදනාවලට වරදකරු කරනු ලැබූ සිවිල් පුද්ගලයාට වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා, චෝදනා ලැබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනාට වසර 3 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට තීන්දු කළේය

 

More News..