SLIIT ලොව හොඳම ගෘහ නිර්මාණ පාසල් 20 අතරට
01 August 2025
SLIIT ලොව හොඳම ගෘහ නිර්මාණ පාසල් 20 අතරට
01 August 2025
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), INSPIRELI ආයතනය මඟින් සිදුකරන ලැබූ ලෝකයේ උසස්ම ගෘහ නිර්මාණ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, හොඳම ගෘහ නිර්මාණ අධ්‍යාපන පාසල් 20 අතරට එක්වෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය. තවද ගෘහ නිර්මාණ අංශයට අදාළව, ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් අත්කර දීමටද මෙම ආයතනය සමත්ව ඇත. INSPIRELI ආයතනය මඟින් පවත්වනු ලැබූ තරග අතරතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැක්වූ දක්ෂතා පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීමේ කාර්යයන් සිදුකරනු ලැබ ඇත.
ලොව විශාලතව ගෘහ නිර්මාණ සහ සැළසුම් නිර්මාණ තරගය වන මෙහිදී SLIIT ආයතනය, 2023-2024තරග වටයේදී හිමිකරගත් 22වන ස්ථානයේ සිට සැලකිය යුතු ජයග්‍රහණයක් අත්කරමින්, සහභාගී වූ විශ්වවිද්‍යාල 1,360කට අධික සංඛ්‍යාවක් අතුරින් 17වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙයට අමතරව මෙම ආයතනය ආසියාවේ හොඳම ගෘහ නිර්මාණ පාසල් දෙක අතරටද එක්වෙමින්, ගෘහ නිර්මාණාත්මක අධ්‍යාපනයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථාවරත්වය තහවුරු කර ඇත.
2015 වසරේ ආරම්භ වූ INSPIRELI සම්මාන තරගය, රටවල් 150ක අධික සංඛ්‍යාවක ශිෂ්‍යයින්ගේ නිර්මාණශීලීත්වය, කුසලතාව සහ ඔවුන්ගේ දැක්ම ඉස්මතු කරන ජාත්‍යන්තරව පිළිගත් වේදිකාවක් බවට පත්ව ඇත. බොහෝ තරග මෙන් නොව, INSPIRELI තරගය සඳහා ගාස්තු අය නොකරන අතර, ශිෂ්‍යයින්ට නොමිලේ සහභාගී විය හැකිය. එය තරගයක් පමණක් නොව, අධ්‍යාපනික හා මානුෂීය අරමුණු මත පදනම් වූවකි. තවද මෙම තරගාවලිය බයිරූට් වරාය ප්‍රතිසංස්කරණය, ඉතියෝපියාවේ චෙක් තානාපති කාර්යාලය වැනි ප්‍රායෝගික ව්‍යාපෘති මෙම තරගයට ඇතුළත් විය. මේ හේතුවෙන්, INSPIRELI තරගය ගෘහ නිර්මාණ අධ්‍යාපනයේ විශිෂ්ටත්වයේ සැබෑ පිළිබිඹුවක් ලෙස සැලකේ.
SLIIT ආයතනය එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මූවර්ස් විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරිත්වයෙන් ජාත්‍යන්තරව පිළිගත් උපාධි පාඨමාලා පිරිනමන අතර, එමඟින් ශිෂ්‍යයින්ට දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සලසයි. මෙම සුවිශේෂ ජයග්‍රහණයත් සමඟින් SLIIT ආයතනය, දේශීය ගෘහ නිර්මාණ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බව තහවුරු කිරීමට සමත්ව ඇත.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLIIT ආයතනයේ වාස්තු විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය ලලිත් ද සිල්වා මහතා පැවසූවේ “මෙම ජයග්‍රහණය SLIITආයතනයේ හි සැමට ආඩම්බර වෙන්න පුලුවන් අවස්ථාවක්. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය, අපගේ ගුණාත්මක අධ්‍යාපනය සහ ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වගේම සිසුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය සඳහා ආයතනයක් විදිහට ලබා දී ඇති පහසුකම් ආදිය සම්බන්ධයෙන්ද අප ආයතනය සතු විශිෂ්ට කැපවීම පිළිබිඹුවෙනවා. මීට අමතරව අපි ලැබු මෙම ජයග්‍රහණය අනාගතයේදී ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන්ව දිරිගන්වනවා වගේම වර්තමානයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින්ගේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමටකට ලක්වන බව මෙයින් තහවුරු කරනවා.” යනුවෙනි.
SLIIT ආයතනයේ මෙම ජයග්‍රහණය මගින් සනිටුහන් කරනුයේ ගෘහ නිර්මාණ ගොඩනැගිලි ඉදිකිරීම පමණක්ම නොව, සිය ශිෂ්‍යය ප්‍රජාව ජාත්‍යන්තර මට්ටමේ කුසලතා සහ තරගකාරීත්වයට උචිත ලෙස නිර්මාණයකිරීම සඳහා දක්වන කැපවීමයි. එමෙන්ම ,තරුණ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ටත්වය හරහා මෙම ජයග්‍රහණයන් ඉදිරියට අඛණ්ඩව ගෙන යැමට අපේක්ෂා කරයි.