brand logo
logo
 මහර බන්ධනාගාරයට සිදුවු හානිය

මහර බන්ධනාගාරයට සිදුවු හානිය

02 August 2026



මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇතැයි පොලීසිය පවසයි.


ඊයේ (01) රාත්‍රිය පුරාවට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරන ලද එම උත්සාහයන් ව්‍යර්ථ කර ඇති බව වාර්තා වේ.


එම සිදුවීම් අතරතුර ඔවුන් විසින් බන්ධනාගාරයේ දේපොළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා ලිපිලේඛනවලට ද ගිනි තබා විනාශ කර ඇති බවට වාර්තා වේ. 


අද (02) පෙරවරුව වන විට බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවී ඇත.

 

More News..