නලින් බණ්ඩාර සිංගප්පූරුවෙන් ගෙනා 'ඩ්‍රෝන' ගුවන්තොටේ දී රේගු භාරයට
08 November 2026
නලින් බණ්ඩාර සිංගප්පූරුවෙන් ගෙනා 'ඩ්‍රෝන' ගුවන්තොටේ දී රේගු භාරයට
08 November 2026
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අද (8) සිය භාරයට ගෙන තිබේ.
අදාළ ඩ්‍රෝන යානා ගුවන්තොටුපොළෙන් රැගෙන යාම සඳහා ආනයන පාලන බලපත්‍රය (ICL),විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) අනුමැතිය අවශ්‍ය වුවත්, මන්ත්‍රීවරයා එම අනුමැතීන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් අදාළ භාණ්ඩ තොගය රේගු භාරයට ගෙන ඇති අතර, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

