brand logo
logo
ලැබුණු කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව සීමිත පුහුණුවක යෙදෙයි

ලැබුණු කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව සීමිත පුහුණුවක යෙදෙයි

17 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ වේල්ස් හී කාර්ඩිෆ් සිට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර කාර්ඩිෆි හී සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 11ට )ඇරඹීමට නියමිත දෙවැනි විස්ස තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පුහුණු සැසියක් අද උදෑසන පවත්වන ලදී. 


ශ්‍රී ලංකා කණ්ඩායම සවුත්හැම්ටන් හී පැවැති පළමු පන්දුවාර 20 තරගයෙන් පසු ඊයේ පස්වරුවේ පැය 3ක බස් ගමනකින් කාර්ඩිෆ් වෙත ළඟා වූ අතර ඒ අනුව පෙර පුහුණුවකින් තොරවම අද තරගය ද සහභාගීමට වන තත්ත්වයක් පෙනෙන්නට තිබූ නමුත් ඉතිරිව තිබූ කාලය කළමනාකරණය කර ගනිමින් මෙම පුහුණු සැසිය සඳහා ක්‍රීඩකයන් සහභාගි කරවීමට කටයුතු යෙදිණි. 


ඊයේ පෙරවරුව වන විට කාර්ඩිෆ් හී කාලගුණ තත්ත්වය යහපත් ලෙස පැවැති නමුත් කාර්ඩිෆ් පවතින ශීතල ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යම් අපහසුව වීමට හැක.

 

More News..