brand logo
logo
නැවෙන් ආ ගෑස් ඉදිරි දින තුනේ රටටම

නැවෙන් ආ ගෑස් ඉදිරි දින තුනේ රටටම

19 October 2026 | ශිරාන් රණසිංහ


රට තුළ මතුව තිබෙන ගෑස් හිඟය ඉදිරි දිනවල අවසන් වන බවත් ඊයේ (18 වැනිදා) මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 3900ක් අඩංගු නෞකාවේ ගෑස් ඉදිරි දින තුනේදී රට පුරා බෙදාහරින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමෙහි සභාපති චන්න ගුණවර්ධන ‘අරුණ’ට පැවැසීය.


ඉකුත් 16, 17, 18 යන දිනවලදී ගෑස් සිලින්ඩර තුන්ලක්ෂ පනස්දහසක් (350,000) බෙදන ලද අතර අද (19 වැනිදා) හෙට (20 වැනිදා) සහ අනිද්දා (21) දින තුනේදී තවත් සිලින්ඩර් 350,000ක් ද බෙදාහරින බවද සභාපතිවරයා කියයි.


ගෑස්වල යම් හිඟයක් මතු වුවත් ඉදිරියේදී දිගටම ඇණවුම් කර තිබෙන ගෑස් තොග මෙරටට ළඟාවීමට නියමිතව බැවින් ගැටලුවක් නොමැති බව සභාපතිවරයා පවසයි.


ඊයේ (18 වැනිදා) මෙරටට පැමිණි FRANCOIS නෞකාවේ ඇති ගෑස් තොග ගොඩබාමින් තිබෙන බවත් ගැනුම්කරුවන් අනවශ්‍ය ලෙස ගෑස් තොග එක් රැස් කිරීමට උත්සාහ නොගන්නා ලෙසද ලිට්‍රෝ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.


මැදපෙරදිග යුදමය තත්ත්වය ​හේතුවෙන් ලාෆ් ගෑස් මිලදී ගැනීමේ යම් ගැටලුවක් පවතින මුත් විකල්ප ක්‍රම හරහා මෙරටට අවශ්‍ය ගෑස් මිලදී ගැනීමට පියවර ගන්නා බව ලාෆ් සමාගමද කියා සිටියේය. මෙරට ගෑස් වෙළෙඳපොළෙන් සියයට 80ක් 85ක් ම ආවරණය කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමය.

 

More News..