brand logo
logo
උදුවප් පුර පසළොස්වක පොහොය අදයි

උදුවප් පුර පසළොස්වක පොහොය අදයි

26 December 2023

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ.


සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය.


සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ.


උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමය.


මෙවර ශ්‍රී පාද වන්දනා සමය අරඹමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමා, දේවාභරණ හා සධාතුක කරඩුව ඇතුළු පූජා භාණ්ඩ සිරිපා මලුව වෙත වැඩම කරවීම අද අලුයම සිදුවුණි.


වසරේ අවසන් පොහෝ දිනය වන අද දිවයිනේ සෑම විහාරස්ථානයකම සැදැහැවතුන් වෙනුවෙන් දාන, සීල, භාවනාදී පිංකම් සංවිධානය කර ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ය.



 

More News..