brand logo
logo
 සුරේෂ් සලේ රෝහලෙන් රැගෙන යයි

සුරේෂ් සලේ රෝහලෙන් රැගෙන යයි

06 October 2026


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද (6) පස්වරුවේ ඉන් රැගෙන ගියේය.


සලේ මහතාට රෝහලෙන් පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (6) ප්‍රකාශ කළේය.


එම දැනුම්දීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සුරේෂ් සලේ මහතා අද පස්වරුවේම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බවය. 

 

More News..