ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
16 August 2026
ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
16 August 2026
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධයෙනි.
මෙට්‍රෝ බස් රථ සම්බන්ධව තමන් කළ ප්‍රකාශකයක් මත සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධව ඒ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය මීට වසර 10කට පෙර තමන් ද ආරම්භ කිරීමට සූදානම් වූ බවය.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේදීද ආරම්භ කළ බවත් කෙසේ නමුත් මේ සඳහා අධික මුදලක් වියදම් වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථ වූ බවත් ඒ මහතා මෙහිදී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා,
"මෙට්‍රෝ බස් කියන්නේ පහුගිය කාලේ පුරාම අලුතින් ආපු කතන්තරයක් නෙමෙයි. මේක මම 2023 ආර්ථික අර්බුදයෙන් පස්සේ පටන් ගන්න යෝජනාවලියක් ඉදිරිපත් කළා ප්‍රවාහන අමාත්‍යාංශයට. මා සතුව ඒ ලිඛිත ලියවිල්ල තියෙනවා. ඒ සම්බන්ධව අපි චීනයේ එක්සීම් බැංකුවේ ණය අරගෙන තමයි කරන්න ආවේ. මහජන මුදල්වලින්, මහජනතාවගේ බදු මුදල්වලින් නෙමෙයි අපි කරන්න හැදුවේ. මම හැමදාම හැම ආණ්ඩුවකින්ම බැට කාපු පුද්ගලයෙක්... මේ බස්ම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ලේලන්ඩ් ආයතනයෙන් ගෙනාවා. ලේලන්ඩ් ආයතනය රජය සතු කොටස් තියෙන ආයතනයක්. එතකොට රජයේ කොටස් තියෙන මේ ආයතනය මීට අවුරුදු 10කට පහත තට්ටුව තියෙන මෙවැනිම බස් 60ක් ගෙනාවා. ඒ ගෙනාපු බස් දැන් ලේලන්ඩ් ආයතනය ශ්‍රීලංකන් එකට ධාවනය කරනවා. කරුණාකරලා පනාගොඩ ලේලන්ඩ් ආයතනයට ගිහිල්ලා බලන්න තවත් මෙවැනිම බස් 20ක් තියෙනවා. මේක අරුමයක් නෙමෙයි මේක කරන්න බෑ. ඩීසල් වැඩ කරන්නේ කිලෝමීටරයකට 1.5ක් නැත්නම් 2ක්... මෙවැනිම ව්‍යාපෘතියක් පටන් ගත්තා ගෝඨාභය මහත්මයාගේ කාලේ. ඒක අසාර්ථක වුණා ඒකට විශාල පාඩුවක් සිද්ධ වුණා"

