Best News Website award
brand logo
logo
අනතුරු වළක්වන්න යතුරුපැදිකරුවන්ට වෙනම මංතීරුවක්

අනතුරු වළක්වන්න යතුරුපැදිකරුවන්ට වෙනම මංතීරුවක්

21 November 2026 | එෆ්. අස්ලම්


මාරක රිය අනතුරු අවම කරගැනීමේ විකල්පයක් ලෙස යතුරුපැදිකරුවන් සඳහා වෙනම මංතීරුවක් යොදවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සතිඅග අරුණ,ට පැවසීය.


ප්‍රධාන මාර්ගයේ මීටර දෙකක පමණ ඉඩක් ඒ වෙනුවෙන් වෙන්කරන බවත් එම මංතීරුවෙන් පිටතට යතුරුපැදි පැදවීමට හා වෙනත් වාහන එම මංතීරුවට ඇතුළු කිරීමට මෙමගින් නොහැකි වන බවත් අමාත්‍යවරයා කීවේය.


මාර්ග අනතුරු නිසා මිය යන බොහෝ දෙනෙකු යතුරුපැදිකරුවන් වන අතර ඒ හේතුවෙන් මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කී අමාත්‍යවරයා මැලේසියාව විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර මාරක රිය අනතුරු සියයට හැත්තෑ හතරකින් අවම කරගෙන තිබෙන බවද කීවේය.


කෙසේ වෙතත් කොළඹ ඇතුළු වාහන තදබද සහිත නාගරික ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවත් ග්‍රාමීය මාර්ග වල මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කීවේය.

 

More News..