Best News Website award
brand logo
logo
  PSTA සහ OCB පනත් ගැන ITAK දැඩි මතයක

PSTA සහ OCB පනත් ගැන ITAK දැඩි මතයක

17 November 2026


ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් සම්මත කිරීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.


එම පක්ෂයේ මහලේකම් එම්.ඒ.සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ ඒ සඳහා සියලු දෙනා එක්ව විරෝධතා දැක්විය යුතු බවයි.


කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් එම්.ඒ. සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.


"PTA අහෝසි කරන වෙලාවේදී ඒකට REPLACEMENT එකක් විදියට පනත් එකක් නෙවෙයි පනත් දෙකක් ගේනවා මේ පනත් දෙකේම භයානක තත්ත්වයක් තියෙනවා...මේ පනත් දෙකම සම්මත කර ගත්තොත් ආණ්ඩුවට එරෙහිව කවුරුත් පාරට බහින්න බෑ. ඒ නිසා දැන් අපි ගොඩනගන විරෝධතාවය මගින් තමයි මේක අපිට වළක්වා ගන්න පුළුවන් වෙන්නේ අපිට තියෙන්නේ කෙටි කාලයක් අපි දැඩි විරෝධතා රට පුරාම ගොඩනගන්න ඕනි."

 

More News..