brand logo
logo
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ

රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ

26 June 2026

''රටම එකට'' ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද (26) විවෘත කෙරුණි.


කොළඹ 07, විජේරාම මාවතේ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය විවෘත කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.


ඒ , සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද එක්වුණි.


මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය සමයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරු 6,396 අතරින් , 3,113ක් සාර්ථක ප්‍රතිඵලදායී තොරතුරු බවය.


ඒ අනුව ඉදිරියටත් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1818 අංකය ඔස්සේ ලබාදිය හැකි බවත්, සාර්ථක තොරතුරු ලබාදෙන අයට වටිනා ත්‍යාග ලබාදෙන බවත් පොලිස්පතිවරයා ජනතාවට දැනුම්දෙයි.

 

More News..