brand logo
logo
දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් ලැබූ ජය

දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් ලැබූ ජය

22 July 2026

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද රාත්‍රීයේ පැවැති තරගය කඩුළු 6කින් ජය ගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් විය.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 178ක් රැස්කර ගත් අතර, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවකදී කඩුළු 4ක් දැවී ලකුණු 180ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.


ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න ලකුණු 45 ගත්තේය.


දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය.


මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ පළමුවෙන් පැවැති තරගයෙන් කලම්බෝ කැප්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 5ක ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි විය.


ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුළු 6ට ලකුණු 179ක් රැස්කර ගත් අතර, කකලම්බෝ කැප්ස් කණ්ඩායම ට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයෙ ලකුණු 174ක් පමණියි.

 

More News..