දෙසැම්බර් මාසයේ සිට තවත් ගුවන් සමාගම් දෙකක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි
29 November 2026
දෙසැම්බර් මාසයේ සිට තවත් ගුවන් සමාගම් දෙකක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි
29 November 2026
එළඹෙන දෙසැම්බර් මාසයේ සිට තවත් ගුවන් සමාගම් දෙකක් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, ප්‍රංශයේ ෆෙරෙන්ජ් බී (French Bee) සහ රුසියාවේ එස් සෙවන් (S7 Airlines) ගුවන් සමාගම් මෙලෙස ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
ෆෙරෙන්ජ් බී ගුවන් සමාගම ලබන දෙසැම්බර් 19 වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම, රුසියාවේ එස් සෙවන් ගුවන් සමාගම සර්බියාවේ සිට කොළඹ දක්වා සතියකට දෙවරක් සෘජු ගුවන් ගමන් ලබන දෙසැම්බර් 20 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.
මෙම ගුවන් සේවා හඳුන්වාදීමත් සමඟ රුසියාවෙන් සහ යුරෝපයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


