brand logo
logo
 2025 - GIT විභාග ප්‍රතිඵල නිකුත් කරයි

2025 - GIT විභාග ප්‍රතිඵල නිකුත් කරයි

20 July 2026



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල අද (20) දින නිකුත් කර තිබේ.


මෙවර විභාගය සඳහා මුළු අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 199,598 කි.


පෞද්ගලික අයදුම්කරුවන් 637 දෙනෙකු ද ඊට ඇතුළත් විය. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669 කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325 ක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම විභාගය සඳහා මෙවර සිසුන් 147,407 දෙනෙකු පෙනී සිට ඇත.


අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය.


ලබන ජූලි 23 වෙනිදා සිට පහත සඳහන් ක්‍රමවේද ඔස්සේ ප්‍රතිඵල සටහන් බාගත කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත:


සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියේ 'Personal Account Login' හරහා තමන්ගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර ප්‍රතිඵල සටහන (Results Schedule) බාගත කරගත හැක.


විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය (User Name) සහ මුරපදය (Password) භාවිත කර, https://onlineexams.gov.lk/eic හි 'School Account Login' වෙත පිවිස අදාළ පාසලේ මුළු ප්‍රතිඵල ලේඛනයම බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගත හැකිය.


සියලුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද තමන්ගේ කලාපයට අදාළ ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීම සඳහා පරිශීලක නාම සහ මුරපද ලබා දී ඇත.


මෙම විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතී නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දෙයි.


ක්ෂණික ඇමතුම් අංකය: 1911


දුරකථන අංක: 011284208 / 0112784537 / 0112785922


ෆැක්ස් අංකය: 0112784422

 

More News..