යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
22 July 2026
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
22 July 2026
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් මෙම විරෝධය මතු කරනු ලැබීය

