දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කරයි
21 October 2026
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කරයි
21 October 2026
දැදුරු ඔය ජලාශය ආශ්රිත පෝෂක ප්රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින හෙයින් එම ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (21) රාත්රියේ නිවේදනය කළේය.
මේ හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්රමාණයද ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිට ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින්ද, තවත් වාන් දොරටු 2ක් අඩි 2 බැගින්ද, තවත් වාන් දොරටු 2ක් අඩිය බැගින්ද විවෘත කිරීමට පියවරගෙන කර ඇත.
මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 8,400ක ජල ප්රමාණයක් දැදුරුඔය වෙත නිකුත් කරමින් පවතී.
ජලාශයේ පහළ ප්රදේශයේ දැදුරුඔය ආශ්රිත පදිංචි ජනතාවට විශේෂයෙන්ම ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරන අංශ මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙස දන්වා සිටී.

