උත්සව සමයේ රථවාහන පරීක්ෂාව දැඩි කෙරේ
23 November 2026
උත්සව සමයේ රථවාහන පරීක්ෂාව දැඩි කෙරේ
23 November 2026
ඉදිරි උත්සව සමය තුළ රථවාහන පරීක්ෂා කිරීම් සහ මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවය.
ඒ අනුව බීමත්ව රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් තීව්‍ර කිරීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා අවශ්‍ය බීමත්කම පරීක්ෂා කිරීමේ උපකරණ ප්‍රමාණවත් පරිදි පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
එමෙන්ම රියදුරන් අහඹු ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටත්, රිය අනතුරක් සිදුවීමෙන් අනතුරුව අදාළ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමටත් කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
උත්සව සමයේදී රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බැවින් බීමත්ව රිය පැදවීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමෙන් වැළකී සිටින ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.


