ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික නිලධාරීන් භාරයට
23 August 2026
ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික නිලධාරීන් භාරයට
23 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී වන අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පානීය ජලය අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක ගබඩා කර තිබූ බවය.
විවිධ ප්‍රමාණවලින් යුත් පානීය ජල බෝතල්වල ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 සඳහන් කර තිබූ බවත් එහිදී නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම පානීය ජල බෝතල් තොගය ඒ වන විට වෙළඳපොළට නිකුත් කර නොතිබූ අතර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ තොගයක් බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එහිදී බෝතල් 8,500කට ආසන්න ප්‍රමාණය නිලධාරීන් විසින් මුද්‍රා තබා සිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන අවසන් කිරීමෙන් පසුව වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බව පාරිභොගික අධිකාරිය පැවසීය.

