brand logo
logo
 පිස්තෝල අවියක්, පතරොම් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පිස්තෝල අවියක්, පතරොම් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

10 October 2026


ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත රේල් පාර ප්‍රදේශයේදී පිස්තෝල අවියක්, 9mm වර්ගයේ පතරොම් 10ක් පුරවන ලද පතරොම් ගැබක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.


කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

 

More News..