රේස් ගිය බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි
06 February 2026
රේස් ගිය බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි
06 February 2026
අධික වේගයෙන් යුතුව තරගයට ධාවනය කළ බස් රථ දෙකක් කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්දියේ දී අනතුරට ලක් වී තිබේ.
එක් බස් රථ රියදුරෙකු පිළිබඳව පොලීසියට ඇති වූ සැකයක් මත ඔහුව කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු ගංජා පානයට ඇබ්බැහි වූවකු බවය.
ඒ අනුව අදාළ රියදුරු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු හෙට (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

