රජවත්ත ප්‍රදේශයේ රිය අනතුරකින් හිමිනමක් අපවත් වෙති
17 May 2026
රජවත්ත ප්‍රදේශයේ රිය අනතුරකින් හිමිනමක් අපවත් වෙති
17 May 2026
පේරාදෙණිය – රජවත්ත මාර්ගයේ රජවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් හිමිනමක් අපවත් වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, පේරාදෙණිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන්කල හිමිනමකගේ ගැටී මෙම අනතුර ඊයේ (16) පෙරවරුවේ සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබේ.
මෙලෙස අපවත් වී ඇත්තේ අවුරුදු 83ක් වූ බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමකි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

