ගංවතුරෙන් ගලේවෙල ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්
11 May 2026
ගංවතුරෙන් ගලේවෙල ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්
11 May 2026
පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්වී තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්නේ ඉන් වැඩිම හානියක් ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල ලකීවත්ත ප්‍රදේශයට සිදුව ඇති බවයි.
නිවාසවල අඩි තුනත් පහත් අතර උස ප්‍රමාණයකට ජලය පැමිණ ඇත.
මේ වනවිට එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවතැන්ව සිටින පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව මේ දක්වා ගණනය කර නොමැති බව නිලධාරින් වැඩිදුරටත් පැවසූහ.

