brand logo
logo
  අලුතින් සිතිය හැකි තාරුණයක් සමග ඉදිරියට යා යුතුයි- දිලිත්

අලුතින් සිතිය හැකි තාරුණයක් සමග ඉදිරියට යා යුතුයි- දිලිත්

04 February 2025


අලුතින් සිතිය හැකි තාරුණයක් සමග ඉදිරියට යා යුතුව පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.


අනුකරණ මානසිකත්වයෙන් නිදහස් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.


77 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සර්වජන බලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,


"ඇයි මේ නිදහස සමරන්නේ, නිදහස සමරන්නේ නිදහස ලබා ගැනීම කියන ඒ අපේ දැක්ම කරා යන ගමන සංවාද වන දිනයක් හැටියට අද මේ දිනය යොදා ගනිමින් පුළුල් ජන සංවාදයකට ලක්කළ යුතුයි අපිට නිදහස කරා යා යුත්තේ ඇයිද යන්න සහ නිදහස කරා යා යුත්තේ කොහොමද කියන කාරණය. අද අපිට අවශ්‍යයි ව්‍යවසායකත්ව රාජ්‍යක් බිහිකරන්නට. ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ දර්ශනය පදනම් කරගනිමින් ජාතිකත්වය මුසුවුණ නායකත්වය මත පමණයි අපි ආර්ථික ජයග්‍රහණ කරා මේ රට මෙහෙයවිය යුත්තේ. අපේ දේ රැකගෙන පමණයි අපිට මේ ගමන යන්න පුළුවන්. අපි නිදහස් විය යුත්තේ දීන මානසිකත්වයෙන් සහ අනුකරණ මානසිකත්වයෙන් ඒ නිසා අපි අලුතින් හිතන්නට පුළුවන් තාරුණයක් සමග මේ ගමන ඉදිරියටම යනවා සර්වජන බලය හැටියට."



 

More News..