brand logo
logo
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටරෙක්ට නැවතත්  5 වැනි තැන

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටරෙක්ට නැවතත් 5 වැනි තැන

05 November 2026


සෙනගාලයේ ඩකාර් හි පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාලක පිහිනුම් මීටර 50 නිදහස් ආර මූලික වටයේ තරගයේදී සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට මෙරට ක්‍රීඩක ටරෙක් බ්ලක් ඊයේ (4 වැනිදා) සමත් වූ අතර, ඔහුට සමස්ත 15 වැනි ස්ථානය හිමිවිය. ඔහුට අමතරව එම ඉසව්වේම බාලිකා අංශයෙන් තරග වැදුණු ජූලි හෝප් එහි මූලික වටයේ තරගයේදී 7 වැනි ස්ථානය හිමිකර ගත්තාය.


බාලක මීටර 50 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ 6 වැනි තරගයේ තරග වැදුණු ටරෙක් එහිදී තත්පර 24.54ක කාලයක් වාර්තා කරමින් 5 වැනි ස්ථානය දිනාගත් අතර, සමස්ත ක්‍රීඩක කාලගණනය කිරීමේදී ඔහුට ක්‍රීඩකයන් 55ක් අතුරින් 16 වැනි ස්ථානය හිමිවිණි. ඔහු මින් පෙර නිදහස් ආර මීටර 100 ඉසව්වේ මූලික වටයේ තරගයේ ද 5 වැනි ස්ථානය සහ සමස්ත 12 වැනි ස්ථානය හිමිකර ගත්තේය.


ඔහුට අමතරව නිදහස් ආර මීටර 50 බාලිකා මූලික වටයේ 5 වැනි තරගයේදී තත්පර 29.06ක කාලයක් වාර්තා කරමින් ජූලි හෝප් එහි 7 වැනි ස්ථානය හිමිකරගත් අතර සමස්ත ක්‍රීඩිකාවන්ගේ කාල ගණනයේදී ඇයට ක්‍රීඩිකාවන් 68ක් අතුරින් 42 වැනි ස්ථානය හිමිවිය.


මේ අතර පෙරේදා (3 වැනිදා) පැවැති බැඩ්මින්ටන් බාලිකා කේවල ඉසව්වේ 'එච්' කාණ්ඩයේ සිය අවසන් තරගයට එක්වූ මෙරට ක්‍රීඩිකා නෙත්මි රත්නායක එහිදී තරග වට 1-2ක පරාජයක් අත්කර ගත්තාය. එහිදී නෙත්මි, ඉන්දුනීසියා ක්‍රීඩිකා අයුදීස් මිෆ්ටකුල් පුත්රි සමග තරග වැදුණු අතර, තරගයේ ලකුණු සටහන 21-18ක්, 20-22ක් සහ 21-15ක් ලෙස පැවැතිණි. ඒ අනුව කාණ්ඩයේ සියලු තරග අවසානයත් සමග තෙවැනි ස්ථානයට පත් වූ නෙත්මි, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වූවාය.


ක්‍රීඩා උළෙලේ අද (5 වැනිදා) ජූලි හෝප් බාලිකා මීටර 50 පසුපස ආර මූලික වටයේ තරගය සඳහා සහභාගි වීමට නියමිතය.

 

More News..