අධ්‍යාත්මික දියුණුවෙන් ගිලිහී යන මිනිසා ගැන කියන කාදිනල් හිමි
19 July 2026
අධ්‍යාත්මික දියුණුවෙන් ගිලිහී යන මිනිසා ගැන කියන කාදිනල් හිමි
19 July 2026
මිනිස් සමාජය තුළ ආගම සම්බන්ධයෙන් ඇත්තේ, අල්ප මාත්‍ර හැඟීමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, මාකෙවිට දිව්‍ය ගැලවුම්කාරයාණන්ගේ දේවස්ථානයේ 150 ජුබිලි මංගල්‍ය සන්ධ්‍යා දේව මෙහෙයට එක්වෙමිනි.
බොහෝ දියුණු රටවල ජනතාව සති අන්තයේදී දෙව්මැදුරුවලට නොපැමිණ, විවිධ විනෝදාංශවල නිතර වන බව ද කාදිනල් හිමියන් පෙන්වාදෙයි.
යුරෝපයේ ඇති බැසිලිකා දෙව්මැදුරු හිස්වී ඇති බවත් පාපන්දු ක්‍රීඩා කරන ස්ථානවලට ජනතාව මෝඩ අයුරින් රැස්වන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
දියුණුයැයි කියාගන්නා සමාජයේ ජනතාව තුළින් නොදියුණු ගතිගුණ ඉස්මතුවෙමින් තිබේ.
ජනතාව මනුෂ්‍යත්වය නමැති උතුම් ගතිගුණ අමතක කර ශාරීරික අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් සිටිති.
මෙවැනි සමාජයක් තුළ අධ්‍යාත්මික ජීවිතයට සුළු ස්ථානයක් පමණක් පවතින බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

