දියුණු ආකල්ප දරුවන් තුළ ගොඩනැඟීම අධ්‍යාපනයේ මූලික අපේක්ෂාව බව අගමැති හරිනි කියයි
15 November 2026
දියුණු ආකල්ප දරුවන් තුළ ගොඩනැඟීම අධ්‍යාපනයේ මූලික අපේක්ෂාව බව අගමැති හරිනි කියයි
15 November 2026
දරුවෙකුගේ මූලික අයිතිය වන්නේ පාසලකට ඇතුළත් වීම හෝ විශ්වවිද්‍යාලයට යෑම පමණක් නොව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම බවත්, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරමින් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සහ ඉහළ පන්තිවල දරුවන් පාසලට යොමු කිරීම තහවුරු කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරයි මේ බව සඳහන් කළේ අක්කරෙයිපත්තු මුස්ලිම් ජාතික පාසලේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් අද (15) පැවති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක් අග්රාමාත්යවරය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රටේ සියලු දරුවන්ට තමන්ගේ සිහින ළඟා කරගත හැකි වන අයුරින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ වගකීමක් වන බැවින්, 2027 අයවැය හරහා අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 749ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බවයි.
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ඉහළම ප්‍රතිපාදන ප්‍රමාණය වන අතර, එයින් බිලියන 562.4ක්ම පාසල් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේදී පළමුවෙනි වසරට නව විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර, 2027 වසර වන විට එය දෙවන සහ හයවන වසරවලටත් පුළුල් කිරීමට නියමිතය.
මෙහිදී දරුවන්ට නව විෂයන් හැදෑරීමට, තාක්ෂණය ප්‍රගුණ කිරීමට මෙන්ම පාසල තුළදීම වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කරමින් පවතින බව ඇය කියා සිටියාය.
විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලට පැමිණෙන විට දරුවන් පාසල් පැමිණීම නතර කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දරුවන් වසර 13ක් අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඒ සඳහා ඉහළ පන්තිවල දරුවන් අනිවාර්යයෙන්ම පාසලට එවීමට දෙමව්පියන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් දැඩිව අවධාරණය කළාය.
විභාග සමත්වීම පමණක් නොව, ලෝකයට මුහුණ දීම සඳහා හොඳ ජීවන කුසලතා, සමාජය සමඟ කටයුතු කිරීමේ හැකියාව මෙන්ම දියුණු ආකල්ප දරුවන් තුළ ගොඩනැඟීම අධ්‍යාපනයේ මූලික අපේක්ෂාව බවද ඇය සඳහන් කළාය.


