ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්දක්
09 July 2025
ට්‍රම්ප්ගෙන් ලංකාවට 30%ක තීරු බද්දක්
09 July 2025
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබේ.
අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්.
මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද (09) තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණි.
ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30% ක තීරුබදු පනවා තිබේ.
කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් තීරුබදු පනවන බව දන්වා ඇත.