ගැටබරුව ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කරයි
27 September 2026 | ජයන්ත ගුණවර්ධන- ඌරුබොක්ක
ගැටබරුව ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කරයි
27 September 2026 | ජයන්ත ගුණවර්ධන- ඌරුබොක්ක
ඓතිහාසික කොටපොල පින්සරු ගැටබරුව රාජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල මහා මංගල්‍යයේ රන්දෝලී මහා පෙරහර බිණර පෝය ඊයේ (26) දින රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කෙරිණි.
ඉකුත් 20 වැනිදා ආරම්භ වූ මෙම ඓතිහාසික ඇසල මහා මංගල්‍යය,අද (27) වැනිදා පැවැත්වෙන දේව
තොවිලය,හෙට (28) වැනිදා අලුයම ගිනි පෑගීම සහ දේවදානය පිරිනැමීමෙන් අනතුරුව නිමාවට පත්වීමට නියමිතව තිබේ.
මෙවර පෙරහරේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවූ දළදා කරඬුව තැන්පත් කිරීමේ භාග්‍යය කතරගම වාසනා හස්තිරාජයා විසින් හිමිකර ගන්නා ලදී.
උඩරට, පහතරට සහ සබරගමුව යන ත්‍රිවිධ නර්තන කලාංග මෙන්ම අලි ඇතුන් සහ විවිධ සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ මෙම පෙරහර නැරඹීම සඳහා විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටියහ.

