brand logo
logo
අගෝස්තු මාසයේ මේ වන විට සංචාරකයින් 113,307ක්

අගෝස්තු මාසයේ මේ වන විට සංචාරකයින් 113,307ක්

18 August 2026

අගෝස්තු මාසයේ මුල් දින 16 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 113,307ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,355ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 22%ක් වේ.


එමෙන්ම, එක්සත් රාජධානියෙන් 12,738ක් සහ ප්‍රංශයෙන් 8,106ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.


තවද, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 16 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,456,725ක් ලෙස වාර්තා වී තිබේ.


ඒ අතරින් ඉන්දියාවෙන් 363,585ක් සහ එක්සත් රාජධානියෙන් 143,139ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

 

More News..