brand logo
logo
වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

21 May 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


මස්කෙළිය ප්‍රදේශයේ අද (21) දිනයේ ධාවනය වූ රථ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.


නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා, මෝටර් රථ පරික්ෂක ඉන්දික කරුණාරත්න යන මහතුන් හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිළධාරින්, මස්කෙළීය පොලිසියේ නිළධාරින් අද (21) දින මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ, මස්කෙළිය හැටන් මාර්ගයේ, මස්කෙළිය සාමිමලේ මාර්ගයේ සහ අතුරු මාර්ගවල ධාවනය කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, කැබ් රථ, ත්‍රී රෝද රථ ඇතුලු වාහන 40ක් පරික්ෂාවට ලක් කර ඇත.


පරික්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරිම, අන්ත්‍රාදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරිම සහ වාහනවල තිරිංග පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගැණින.


තාවකාලිකව ධාවනයෙන් ඉවත් කළ එම වාහන දින 30ක ඇතුලත අඩුපාඩුකම් සපුරා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත පරික්ෂාවකට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ධාවන බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයා භාරයට ගැනින.


මස්කෙළියෙ සිට වතු ආශ්‍රිත වතු මාර්ගවල ධාවනයට එක් කර තිබූ ඇතැම් පෞද්ගලික බස් රථ මගී ප්‍රවාහනයට දැඩි අවධානම් ලෙස තිබූ බවයි නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා කියා සිටියේය.

 

More News..