brand logo
logo
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

27 July 2026


තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


මෙම නිවේදනය හෙට (28) පෙරවරු 11.00 දක්වා බලපැවැත් වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.


සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එමෙන්ම, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව දැනුම් දී තිබේ.


ඒ අනුව, ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටී.

 

More News..