brand logo
logo
ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටෙයි

ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටෙයි

26 September 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්


ලොරි රථයක් වැන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (26) දින සිදු වු අනතුරකින් වෑන් රථයේ රියදුරා තුවාල ලබා ඇති බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.


 අද උදෑසන 11:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසළදීය.


බගවන්තලාවේ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලොරි රථයක් සහ හැටන් සිට නල්ලතන්නිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.


වෑන් රථයේ රියදුරා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථය වංගුවක් ගැනීමේදි ඒම වංගුවේ තිබූ සීමිත ඉඩකින් වෑන රථය ධාවනය කිරිමට සූදානම් විමේද මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.


අනතුරින් වෑන් රථයට දැඩි අලාභභ හානි සිදු වි ඇත.

 

More News..