Best News Website award
brand logo
logo
බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ සිරවෙයි

බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ සිරවෙයි

24 November 2026

ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ගෙන්වන ලද බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක තොගයක් තවමත් වරායේ රඳවා තබාගෙන ඇති බව රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් වී තිබේ.


සීමා සහිත ත්‍රිපෝෂ සමාගම පසුගියදා එම කාරක සභාවේ අනු කාරක සභාවක් හමුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය විය.


එහිදී අදහස් දැක්වූ ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළේ, අදාළ බඩ ඉරිඟු තොගය වරායෙන් නිදහස් කර ගැනීම සඳහා ආනයන හා අපනයන පාලක ජනරාල්වරිය විසින් අවශ්‍ය පහසුකම් සලසා නොදීම නිසා මෙම ගැටලුව මතුව ඇති බවයි.

 

More News..