brand logo
logo
'මෝරා' මෝටර් රථ ධාවන කණ්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහණ රැසක්

'මෝරා' මෝටර් රථ ධාවන කණ්ඩායමට ඉන්දියාවේදී ජයග්‍රහණ රැසක්

30 September 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක

ඉන්දියාවේ පැවැති 'එම්.ආර්.එෆ්' 2026 ඉන්දීය ජාතික මෝටර් රථ ධාවන ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී ප්‍රථම ස්ථාන ඇතුළු ජයග්‍රහණ රැසක් හිමිකරගත් 'මෝරා'(Mora) මෝටර් රථ ධාවන කණ්ඩායමේ ආදම් ජුනයිඩ්, කවීන් රාජපක්ෂ සහ සවුරික ලිවිදු ඉකුත්දා කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට ළඟා වූහ.


මෙම මෝටර් රථ ධාවන ශූරතාවලිය සඳහා ඉන්දීය මෝටර් රථ ධාවකයන් 22 දෙනකු සහ ශ්‍රී ලාංකික ධාවකයන් ලෙස තිදෙනාගේ සහභාගිත්වයෙන් චෙන්නායි හිදී පැවැත්විණි. එහිදී තරග 3ක් පැවැති අතර තෙවැනි තරගයේදී ආදම් ජුනයිඩ් ප්‍රථම ස්ථානය දිනාගත් අතර කවීන් රාජපක්ෂ දෙවැනි ස්ථානයත්, සවුරික ලිවිදු තෙවැනි ස්ථානයත් දිනාගැනීමට සමත් විය. ඊට අමතරව තරගාවලියේ දෙවැනි තරගයට තරග කළ කවීන් රාජපක්ෂ එහි ප්‍රථම ස්ථානයත්, ආදම් ජුනයිඩ් දෙවැනි ස්ථානයත් දිනාගත්හ.


ජයග්‍රාහී ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

More News..