brand logo
logo
 පසුගිය වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් 11ක් සියදිවි නසාගෙන

පසුගිය වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් 11ක් සියදිවි නසාගෙන

27 August 2025 | වරුණි පෙරමුණ


පසුගිය වසරේ බන්ධනාගාර තුළදී සිරකරුවන් එකොළොස්දෙනකු සියදිවි නසා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පවසයි.


නොයෙකුත් ගැටලු හේතුවෙන් මෙම සිරකරුවන් සියදිවි නසාගෙන ඇති අතර බොහෝ සිරකරුවන් මැදි වයසේ පුද්ගලයන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.


මානසික රෝගවලින් පෙළීම, විෂාදය ඇති වීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම, ඉච්ජාභංගත්වයෙන් පෙළීම මෙම සිරකරුවන් සිය දිවි නසා ගැනීමට හේතුවී තිබේ.


එසේම බන්ධනාගාරගතව සිටි සිරකරුවන් එකසිය හැටනවදෙනකු විවිධ රෝගී තත්ත්වයන් හා සංකූලතා හේතුවෙන් බන්ධනාගාරය තුළදීම මිය ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.


කෙසේ වුවද සිරකරුවන්ගේ මානසික මට්ටම නගාසිටුවීම සඳහා මේ වනවිට බන්ධානාගාර තුළ වැඩසටහන් ක්‍රියාත්මක බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

More News..