Best News Website award
brand logo
logo
ප්‍රවාහනය අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

ප්‍රවාහනය අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026

ප්‍රවාහනය අංශය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා


දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය කිරීම, ප්‍රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාර්තාගත රු. මිලියන 95,000ක්.

කොළඹ ආශ්‍රිත මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනයටත්.

කඳුකරයට ආසන 22 ප්‍රමාණයේ කුඩා බස් රථ 50ක් මිලදී ගැනීමට රු. මිලියන 1,000ක්.

ග්‍රාමීය ප්‍රදේශ සඳහා ආසන 33 ප්‍රමාණයේ කුඩා බස් රථ 200ක් ලබා ගැනීමට රු. මිලියන 4,000ක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර භූමියේ ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 600ක්.

රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු. මිලියන 700ක්.

නව ඩිජිටල් රියදුරු අකුසලතා ලකුණු පද්ධතිය සහ මාර්ග ආරක්ෂණ බලාත්මක කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රු. මිලියන 1,500ක්.

දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5ක් මිල දී ගැනීමට රු. මිලියන 5,000ක්.

නිසි පරිදි නඩත්තුවට ලක් නොවූ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමට 2027 වර්ෂයේ රු. මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

මහනුවර දක්වා දුම්රිය 2027 වසරේ පළමුවැනි කාර්තුව ඇතුළත ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.

උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර 2027 වසරේ මැද භාගය වන විට බදුල්ල දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වේ.

 

More News..