brand logo
logo
නව ත්‍රස්ත පනතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් අද විභාගයට

නව ත්‍රස්ත පනතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් අද විභාගයට

20 October 2026

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ.


අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට පෙත්සම් 22ක් ඉදිරිපත් වී ඇත.

එම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.


මේ අතර, අද (20) පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා සඳහන් කළේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් 23ක පිටපත් තමන් වෙත ලැබී ඇති බවය.

 

More News..