Best News Website award
brand logo
logo
රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහ ගැටුම-රාජාංගනයේ සද්ධාරතන රිමාන්ඩ් - සෙසු තිදෙනාට ඇප

රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහ ගැටුම-රාජාංගනයේ සද්ධාරතන රිමාන්ඩ් - සෙසු තිදෙනාට ඇප

18 November 2026


රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම්කාරී සිද්ධියට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.


මෙම පිරිස අතර සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳට අයත් වෙළෙඳ සැලකඳී අත්අඩංගුවට පත්විය.


සෙසු සැකකරුවන් අනුරාධපුර පරසන්ගස්වැව සහ තිසාවැව යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් අතර, අනුරාධපුර මූලස්ථාන පොලිසියේදී පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.


කෙසේ වෙතත් මෙම පිරිස සමග ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන නැමැත්තා මේමස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය

 

More News..