brand logo
logo
  මෙරට ඩෙංගු රෝගීන් 46,000 සීමාව ඉක්මවයි

මෙරට ඩෙංගු රෝගීන් 46,000 සීමාව ඉක්මවයි

21 June 2026


මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 46,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.


ඒ අනුව, ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසයි.


දෛනිකව මේවනවිට ඩෙංගු රොගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවද වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.


ජූනි මාසයේ පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ පම‍ණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කළ වෛද්‍ය කපිල කන්නංගර මහතා එය මාසයක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බවද පැවසීය.


පළාත් අනුව සසදා බැලීමේදී ,බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. එම සංඛ්‍යාව සියයට 51.75ක් වේ.


මේ අතර, දකුණු පළාතෙන් 16.16%ක්, සබරගමුව පළාතෙන් 9.35%ක්, මධ්‍යම පළාතෙන් 7.23%ක් සහ නැගෙනහිර පළාතෙන් 5.05%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන බවද ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

 

More News..