ප්‍රධාන සහ මධ්‍යම පරිමාණයේ ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතී
14 November 2026
ප්‍රධාන සහ මධ්‍යම පරිමාණයේ ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතී
14 November 2026
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 23ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 15ක් තවදුරටත් වාන් දමමින් තිබේ.
ප්‍රධාන ජලාශ 23 අතරින් ජලාශ 11ක වාන් දොරටු විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මානන්කට්ටිය, රාජාංගනය, යාන් ඔය, සොරබොර වැව, බදගිරිය, ලුනුගම්වෙහෙර සහ දැදුරුඔය ඇතුළු ජලාශ 11ක වාන් දොරටු විවෘත කර ඇත.
මධ්‍යම පරිමාණ ජලාශ 15ක් අතරින් ජලාශ දෙකක පමණක් වාන් දොරටු විවෘත කර කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.


