brand logo
logo
  අතුරුදන් වූ යාපනයේ ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි අමාත්‍ය රාමලිංගම්ගෙන් උපදෙස්

අතුරුදන් වූ යාපනයේ ධීවරයින් සෙවීම කඩිනම් කරන්නැයි අමාත්‍ය රාමලිංගම්ගෙන් උපදෙස්

29 May 2026


පේදුරුතුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශවලින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා සොයා සිදුකෙරෙන මෙහෙයුම් කඩිනම් කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. 


අමාත්‍යවරයා නාවික හමුදාව ඇතුළු සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ අතුරුදන් වූ ධීවරයින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒම සඳහා උපරිම අයුරින් මැදිහත් වන ලෙසයි.


පසුගිය 27වනදා රාත්‍රී 11.00ට පමණ බෝට්ටු දෙකකින් මුහුදු ගිය මෙම ධීවරයින් සිව්දෙනා, ප්‍රදේශයේ පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් නැවත වෙරළට පැමිණීමට නොහැකිව මෙලෙස අතුරුදන්ව ඇති බවට පොලිසිය සැක පළ කරයි.


අද උදෑසන ගුවන් හමුදාවේ සහාය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණු අතර, නවීන තාක්ෂණික පහසුකම් භාවිතා කරමින් මුහුදු ප්‍රදේශයේ පුළුල් සෝදිසි කිරීම් මේ වන විටත් ක්‍රියාත්මකය.


මීට අමතරව, අතුරුදන් වූ ධීවරයින් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකක වෙත ද යොමු කර ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින් සෝදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් සිටින බවද වාර්තා වේ.


 

More News..