SPAR Sri Lanka වෙතින් උසස් ප්‍රමිතියේ නවසීලන්ත කිරිපිටි සහන මිලට වෙළඳපොළට
06 October 2026
SPAR Sri Lanka වෙතින් උසස් ප්‍රමිතියේ නවසීලන්ත කිරිපිටි සහන මිලට වෙළඳපොළට
06 October 2026
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළඳසැල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය මඟින්, උසස්ම ප්රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා සහනදායී සහ දැරිය හැකි මිලකට මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට උදා වී ඇත.
මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම හරහා ශ්‍රී ලාංකීය පවුල් වෙත ජාත්යන්තර මට්ටමේ නිෂ්පාදන සඳහා වඩාත් පහසු ප්රවේශයක් ළඟා කර දෙන අතරම, පාරිභෝගිකයන් හට උසස් තත්ත්වයෙන්, ගුණාත්මක භාවයෙන් සහ උපරිම වටිනාකමක් ලබා දීම වෙනුවෙන් SPARSri Lanka විසින් ගෙන යන වැඩපිළිවෙළෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.
SPAR Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''සෑමවිටම ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත උසස් ප්රමිතිය, හොඳම තේරීම සහ උපරිම වටිනාකම වඩාත් සාධාරණ අයුරින් ළඟා කර දීම අපගේ අරමුණයි. SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ, විශ්වාසනීය SPAR සන්නාමය යටතේ උසස්ම ප්රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ශ්රී ලාංකික පවුල්වලට දැරිය හැකි මිලකට ලබා දීමේ අපගේ පොරොන්දුව ඉටු කරමින් තවත් සාර්ථක පියවරක් මෙලෙස ඉදිරියට තැබීම පිළිබඳව අප සතුටු වෙනවා.''
ශක්තිමත් දේශීය අනන්යතාවයක් සහිත ගෝලීය සුපිරි වෙළඳසැල් සන්නාමයක් ලෙස, ජාත්යන්තර ප්රමිතීන් සහ ගෝලීය සැපයුම් ජාලයන්හි උසස් තත්ත්වයේ නිෂ්පාදන ශ්රී ලාංකික පාරිභෝගිකයා වෙත වඩාත් සමීප කිරීමට SPAR අඛණ්ඩව කටයුතු කරනු ලබයි.
SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනයක් මෙලෙස හඳුන්වා දීම තුළින්, වර්තමාන පාරිභෝගිකයාගේ වෙනස් වන අවශ්යතා හා අපේක්ෂාවන්ට සරිලන අයුරින් එම නිෂ්පාදන වැඩි දියුණු කිරීමට SPAR තවදුරටත් අඛණ්ඩව කටයුතු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් SPAR Sri Lanka හි වාණිජ අධ්‍යක්ෂ, දහම් ගුණසේන මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ''මෙම හඳුන්වාදීම, අපගේ වෙළඳපොළට තවත් එක් නිෂ්පාදනයක් හඳුන්වාදීමක් පමණක් නොවේ. එය විශ්වාසනීය SPAR සන්නාමය යටතේ නවසීලන්ත කිරිපිටි පාරිභෝගිකයා වෙත සමීප කරවීම හරහා SPAR සුපිරි වෙළඳසැල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් ගෝලීය මට්ටමේ ප්රමිතිගත සහ විශ්වාසනීයත්වය තහවුරු කළ සැපයුම්කරුවන්, අපගේ වෙළෙඳසැල් ජාලයට සහ විශේෂයෙන් අපගේ වටිනා පාරිභෝගික ප්රජාව සමග සම්බන්ධ කිරීමකි''.
මෙම නව SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය, දිවයින පුරා පිහිටි සියලුම SPAR සහ SPAR SaveMor සුපිරි වෙළඳසැල් වලින් දැන් මිලදී ගත හැකිය.

