Best News Website award
brand logo
logo
ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතා සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතා සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

17 November 2026

ශ්‍රී ලංකාවේ ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතා තන්ත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතා සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ මෙම කමිටුව ස්ථාපිත කිරීමට නියමිතය.


න්‍යෂ්ටික සහ වෙනත් විකිරණශීලී ද්‍රව්‍ය, ඒ ආශ්‍රිත පහසුකම් හා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුවිය හැකි අනවසර හෝ සාපරාධී ක්‍රියා වැළැක්වීම, හඳුනාගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව පිහිටුවීමට නියමිත කමිටුවේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීමට නියමිතය.


න්‍යෂ්ටික සුරක්ෂිතතාව සම්බන්ධ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය, තර්ජන තක්සේරු කිරීම සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය සඳහා ස්ථිර මධ්‍යගත යාන්ත්‍රණයක් ලෙස මෙම කමිටුව ක්‍රියාත්මක වනු ඇත.


ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

More News..