රටේ තෙල් හිඟයක් නෑ
06 November 2026
රටේ තෙල් හිඟයක් නෑ
06 November 2026
රට තුළ මේ වනවිට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති ඩී .ජේ.රාජකරුණා මහතා පැවසුවේ ඇතැම් සමාගම් විසින් ඉන්ධන නිකුත්කිරිමේ අඩුවක් පවතින බවය.
කෙසේ වෙතත් මෙම තත්වය සමනය කර ගැනීම සඳහා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් මගින් අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බව ඩී .ජේ. රාජකරුණා මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළේය.
"රටේ තෙල් හිඟයක් නෑ. අපිට ඕන තරම් තෙල් සංචිත තියෙනවා. තෙල් නිකුත් කරනවා. හේතු වෙලා තියෙන්නේ පෞද්ගලික සමාගම් ඒගොල්ලෝ තෙල් ඒගොල්ලන්ට පාඩු හින්දා සමහර ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා තෙල් ඉෂු කරන එක. එතකොට ඒ තැන්වල සිපෙට් කෝ ෂෙඩ් එකක් හිට්ටුව නැත්නම් එතකොට ඒ තැන්වල පෝලිම් එනවා. ඒක තමයි ගැටලු වෙලා තියෙන්නේ. ඒ වගේ සිපෙට් ශෙඩ් කෝ ළඟ පාත නැති ස්ථාන 52ක් අඳුනගෙන තියෙනවා. ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම සමාගම් ගෙන්නලා සාකච්ඡා කළේදී ඒ සමාගම් එකඟ වුණා ඒ තැන්වලට ප්‍රමුඛත්වය දෙනවා කියලා. ඇත්ත මේගොල්ලෝ ඒගොල්ලන්ට පාඩුයි කියලා තෙල් ඉෂු කරන එක අඩු වුණා. ඉෂු කරන ප්‍රමාණයෙන් ඒ තැන්වලට ප්‍රමුඛත්වය දෙනවා කියලා ඉවර වෙලා පොරොන්දු වෙලා තියෙනවා. නමුත් සමහර ප්‍රදේශවල ඔය තියෙන ඒගොල්ලෝ තෙල් නිකුත් කිරීමේ අඩුව හින්දා යම් යම් තැන්වල පොඩි පෝලිම් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිසිම වෙලාවක දිගටම මේ දක්වා බෙදාහැරීමේ අඩුවක් නැහැ. ඉල්ලුමේ අඩුවකුත් නැහැ. බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයි. මොකද අනෙක් සමාගම්වල අඩු වෙච්ච තෙල් ප්‍රමාණය සිපෙට්කෝවලින් වැඩිපුර බෙදනවා. ඒකේ බෙදාහැරීමේ කිසිම අර්බුදයක් නැහැ."

