අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් බැර කෙරේ
20 September 2023
අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් බැර කෙරේ
20 September 2023
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බවය.
ඒ අනුව ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මි 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එමෙන්ම අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බව ද ෂෙහාන් සේමසිංහ එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.