Best News Website award
brand logo
logo
ආහාර වේලක් විෂවීමෙන් ළමුන් 35ක් රෝහලට

ආහාර වේලක් විෂවීමෙන් ළමුන් 35ක් රෝහලට

17 November 2026


වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පිහිටි පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාර වේලක් විෂ වීමෙන් 35 දෙනෙකුගෙන් යුත් සිසුන් පිරිසක් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.


මෙම ආහාරය ගැනීමෙන් අනතුරුව හටගත් වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගත් බව වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු මාධ්‍ය වෙත පවසා ඇත.


සිසුන් සඳහන් කළේ අද දින උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ලබාදී ඇති බවයි.


එම පාසලේ 3 සහ 5 අතර ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙලෙස අසනීප වී ඇති අතර, රෝහල්ගත කළ කිසිදු දරුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) එක්ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.



 

More News..